April 25, 2024

ප්‍රවීණ ක්‍රීඩකයින්ට අර්ජුන"දෙහි කපයි"- පරාජය ගැන අර්ජුණගේ හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වාර්තා තබමින් ක්‍රීඩා පිටියෙන් සමුගත්ත ද ඔවුන්ගෙන් නවක ක්‍රීඩකයින්ට විය යුතු යුතුකම ඉටුකර නොමැති බව වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
 
1996 වර්ෂයෙන් පසු අරවින්ද සිල්වා සහ තමා නවක ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට අවස්ථාව ලබාදුන්න ද වර්තමාන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එම වගකීම නිසි ආකාරයෙන් සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
 
එමෙන්ම කුමාර සංගක්කාර,මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගිය පසු ඇන්ජලෝ මැතිවුස්ට හොඳ නායකයෙකු විය හැකි බවත් ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය පුද්ගලයින් ඉවත් කළ හොත් එයට හොඳ අනාගතයක් නිර්මාණය කර හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
 
ඒ පිළිබඳ අර්ජුන රණතුංග සිදු කළ ප්‍රකාශය පහතින්.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 06:51