March 28, 2024

අරලියගහ මැදුරේ සම්මන්ත්‍රණශාලාවේ පාසල් සිසුන් සෙල්ලම් කරයි (PHOTOS)

අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි පාසල් සිසුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ අරලියගහ මන්දිරය භූමියේ ඉදිකළ සුඛෝපභෝගී විශාල සම්මන්ත්‍රණශාලා පරිශ්‍රය නැරඹීමටද එම පාසල් සිසු සිසුවියන් පැමිණ ඇත.

එම සිසු සිසුවියන් සම්මන්ත්‍රණශාලා පරිශ්‍රය තුළ නිදහසේ දුව පැන සෙල්ලම් කරන අයුරු දැකගත හැකිවිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ අරලියගහ මන්දිරය තුළ විවිධ උත්සව අවස්ථා පැවැත්වීමට සුඛෝපභෝගී සහ විචිත්‍රවත් ලෙස විශාල සම්මන්ත්‍රණශාලාවක් ඉදිකර තිබිණි.

 

Rate this item
(0 votes)