April 18, 2024

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්ගේ වාර්ශික සුහද හමුව

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ශික මහා සභා රැස්වීම හා සුහද හමුව මාර්තු මස 21 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ දී පැවැත් වේ. 

එම සුහද හමුව පස්වරු 04.00 සිට රාත්‍රී 11.00 වනතෙක් පැවැත්වීමට නියමිතයි. මේ සඳහා විවිධ වෘත්තීන්හි නියැලී සිටින කොළඹ පදිංචි ය සිටින සියළු වෘත්තිකයෝ සහභාගීවන බව වාර්තා වේ.

මීට පෙර Badulla Old Centralians - Colombo Chapter මගින් උසස් පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ගෙන්වා සම්මන්ත්‍රණ, ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය කිරීම සඳහා විවිධ වැඩමුළු පවත්වා තිබේ.

සංගීතමය වැඩසටහන් පවත්වමින් මෙම වැඩසටහන සඳහා අරමුදල් රැස් කර ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ සිට විවිධ රාජකාරි සඳහා කොළඹ නගරයට පැමිණෙන පුද්ගලයින් සඳහා නවතැන් පහසුකම් සැළසීමට ඔවුන් කටයුතු කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 13:57