April 20, 2024

අධෝ මුඛයෙන් පිටවන වායුවෙන් රෝහ හඳුනා ගැනීම සාර්ථකයි

අධෝ මුඛයෙන් පිට වන වායුව රෝග ගණනාවක් හඳුනාගැනීමේ හොඳ ක්‍රමයක් බව වෛද්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම නව සොයාගැනීම සිදු කර ඇත.

ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන වාතය පරීක්ෂා කිරීමෙන් මහබඩවැලේ පිළිකා, බඩවැලේ වේදනාකාරී තත්ත්වය, නිරාහාරව සිටීම නිසා ඇති වන පිළිකා ආඝාතය, හෘදයාබාධ, ආතරයිටිස්, වියපත්වීම හා භින්නෝන්මාදය වැනි රෝග හඳුනාගත හැකි බව ඔවුහු පවසා ඇත.

ජීර්ණ පද්ධතියේ ආහාර බිඳ හෙළන බැක්ටීරියා පිට කරන වායු වර්ගවලින් එකක් වන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්ය. එහි ප්‍රමාණය හා ගන්ධය මනින සංවේදකයක් මඟින් රෝග නිර්ණය සිදු කැරේ.

මීට සමගාමීව උදර රෝග හඳුනාගැනීමට සමත් කරලක්ද විද්‍යාඥයින් නිපදවා ඇත. මිලිමීටර 10ක් පමණ වන මේ කරල ගිලදැමු විට එය සිරුරෙන් පිට වීමට පෙර උදරය අභ්‍යන්තරයේ ඇති දත්ත ජංගම දුරකථනයට ලබා දෙයි.

මේ මඟින් රෝග හඳුනා ගැනීමට අමතරව ආහාර ජීර්ණයේ කාර්යක්ෂමතාව පිළිබඳව ද තොරතුරු දැනගත හැකිය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 14:28