March 28, 2024

මහින්දගේ වශී යන්ත්‍රය ව්‍යායාම උපකරණයක් -සුමනදාසගේ විශේෂ ප්‍රකාශය (video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබූ වශී යන්ත්‍රය හෙවත් වජ්‍රය ඔහු විසින් ව්‍යායාමයකට යොදාගත් දෙයක් බව හිටපු රාජකීය ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
 
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාද එම යන්ත්‍රය යොදාගත්තේ විලාසිතාවකට බවත් සුමනදාස මහතා පෙන්වා දෙයි.
 
හිටපු ජනාධිපතිවරයා සතුව මෙවනි වජ්‍ර 10 ක් පමණ තිබෙන බවත් ඒවා විදෙස් රටකින් ත්‍යාග වශයෙන් ලැබුණු බවත් ඒ මහතා සඳහන් කරයි.
 
ඔහු මේ බව පැවසුවේ පසුගියදා රූපවාහිණි නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
 
එම වීඩියෝව පහතින් නරඹන්න.
 
Rate this item
(0 votes)