April 25, 2024

තිස්සගේ දුව ආයෙත් කරළියට (VIDEO)

ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ ලේඛන සැකසූ බවට චෝදනා ලැබූ එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අදාළ නඩුව ඊයේ (11) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවී ය.

එහිදී නඩු විභාගයෙන් අනතුරුව තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර ඔහුගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවියද එම අවස්ථාවට පැමිණ තිබිණි.

තිස්ස අත්තනායක මහතාගේ දුව දුල්මිණි අත්තනායක පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ වැඩියෙන්ම කතා බහට ලක්වූ චරිතයයි. මේ ජනප්‍රියත්වය නිසාම ඇය වෙනුවෙන් ටිකක් අමුතු තාලයේ ෆේස්බුක් පිටුවක්ද නිර්මාණය විය.

තිස්ස අත්තනායක මහතා රිමාන්ඩ් භාරයේ සිටින සමයේ ඔහු දැක බලා ගැනීම සදහා ඔහුගේ ඥාතීන් පිරිසක් සමග දුල්මිණි අත්තනායක මෙනවිය පසුගිය පෙබරවාරි 09 වැනිදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් තිබුණි. ඇය මෙලෙස කාගේත් කතාබහට ලක්වූයේ එහිදී ‍මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් සිය පියා වන තිස්ස අත්තනායක මහතා සමඟ ඇය ඊයේ අධිකරණයට පැමිණියද මාධ්‍ය වෙත අදහස් පළ කර නොතිබිණි. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 10:53