April 19, 2024

පරිප්පු බහාලුමක් කඩා වැටෙයි - සේවකයෙක් අතුරුදන් (VIDEO)

කැලණිය, පට්ටිවිල පරිප්පු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පරිප්පු ගබඩාකර තිබු බහාලුමක් ඊයේ (10) රාත්‍රී 9 කඩා වැටීමෙන් ඊට සිර වූ සේවකයෙකු ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්වූයේ 24 හැවිරිදි මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආනයනික බහාලුම් 70 පමණ අඩංගු පරිප්පු මෙම එක් ටැංකියක ගබඩා කරන බවත් එම ටැංකියේ උස අඩි 90 ක් පමණවන බවත් එම කර්මාන්ත ශාලා සේවකයින් පැවසුහ. 

පරිප්පු ඉවත්කර සේවකයා සොයා ගැනීමට අවශ්‍ය උපකරණ ලබා නොදීම සම්බන්ධයෙන් සේවකයින් හා පොලීසිය අතර අද (11) දහවල් ද නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

අද පස්වරු 1.00ට පමණ යුද හමුදාවට අයත් පළවෙනි ඉංජිනේරු බලකාය අනතුරට පත් පුද්ගලා සේවීමේ කටයුතු භාරගත් බව වාර්තා වේ.

එහි වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)