March 28, 2024

සංගාගේ සංගීත හැකියාව මෙන්න (VIDEO)  

බැඩ්මින්ටන්, ටෙනිස් ශූරයෙක් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගායනයට මෙන්ම වයලීන් වාදනයටද එලෙසින්ම දක්ෂතා ඇති බව විදෙස් රූපවාහිනියක පැවති වැඩසටහනකදී පෙන්නුම් කළේය.

11න් පහළ බැඩ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාව සහ 11න් පහළ ටෙනිස් ශ්‍රී ලංකා ශූරතාව දිනා ගැනීමට සමත් වූ සංගා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් සියල්ලම සිදු කරන අතරවාරයේදී බව වාර්තාවේ. 

විද්‍යාලයීය සංගීත සංධවනියේ සාමාජිකයෙකු වූ ඔහු පන්තියේ නිතරම පළමුවැනියා නොවුණත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. ඒ සියල්ලටම අමතරව ගීත ගායනයටද සංගාට ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)