April 25, 2024

ජීවිතය කලකිරී 10හැවිරිදි දැරිය තනිවම ගිය ගමන (photo)

බීමත්ව නිවසට පැමිණෙන පියාගේ වදහිංසා විදදරාගත නොහැකිව රැකියාවක් සොයා කොළඹ යෑමට තීරණය කළ දස හැවිරිදි දැරියක් සොයාගැනීමට නෝර්වුඩ් පොලීසිය සමත් විය.
 
මෙම දැරිය නිවසින් පිටවන අවස්ථාවේ දී රුපියල් පනහක් පමණක් තිබූ බවද වාර්තා වේ.
 
බගවන්තලාව වතුයායේ පදිංචි දස හැවිරිදි මෝහන්රාජ් පවිත‍්‍රා නමැති එම දැරිය නිවසින් පැමිණ ඇත්තේ කොළඹ නිවසක සේවය කිරීමේ අරමුණින් වන බව පොලීසිය සඳහන් කරයි.
 
බගවන්තලාව සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයකට පස්වරුවේ ගොඩවී ඇති මෙම දැරිය පිළිබඳව සැකසිතූ බස් රථයේ රියදුරා, කොන්දොස්තර සහ මගීන් දැරිය නෝර්වුඩ් පොලීසියට භාර දී ඇත. 
 
දැරිය ලබාදුන් තොරතුරු මත ඇයගේ දෙමාපියන් සොයා ගැනීමට පොලීසියට හැකිවිය. 
 
දැරිය නෝර්වුඩ් පොලීසිය වෙත භාරදුන් අවස්ථාවේ ඇය දැඩි භීතියකින් සහ කුසගින්නෙන් පසුවූ බව පොලීසිය පවසයි.
 
අනතුරුව නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් දෙමාපියන්ට සහ දැරියට දිවා ආහාරය ලබාදී දැරිය හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර පරිවාස නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ නැවත දෙමාපියන් වෙත දැරිය භාරදීමට පියවරගෙන තිබුණි.
 
ඡායාරූප පහතින් නරඹන්න.
 
 
Rate this item
(0 votes)
Last modified on Monday, 02 March 2015 13:19