April 20, 2024

මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පොලීසිය ඇදගෙන ගිය අයුරු  (VIDEO)

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා, එරට පොලීසිය විසින් අධිකරණයට ඇදගෙන ආ ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

වර්තමාන ජනාධිපති අබ්දුල්ලා අමීන් මහතා මාලදිවයිනේ දශක තුනක පමණ කාලයක් ජනාධිපති ලෙස දැඩි පාලනයක් ගෙනගිය ඒකාධිපතියෙකු යයි චෝදනා ලැබූ අබ්දුල් ගයූම්ගේ සහෝදරයායි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ත්‍රස්ත චෝදනා මත එරට අපරාධ අධිකරණයක් හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවය.

මේ අතර අධිකරණය හිටපු ජනපතිවරයාට රටින් පිටවීම ද තහනම් කර තිබේ. මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේ වත්මන් විපක්ෂ නායකයා ද වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)