March 29, 2024

ස්වංක්‍රීය මල්පැල ඔරලෝසුවක් (Photos)

February 17, 2015

දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් හා විවිධ වූ මල් පැල යොදා ගනිමින් විශාල වූ එලිමහනේ ක්‍රියාත්මක ඔරලෝසුවක් වන්නි ආරක‍්ෂක සේනා මූලස්ථානය විසින් නිර්මාණය ඇත.

වන්නි ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතාගේ සංකල්පයක් යටතේ සහ පූර්ණ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබලූන් විසින් මෙම ඔරලෝසුව නිර්මාණය කර තිබේ.

වන්නි ආරක‍්ෂක සේනා මුලස්ථානයේ ඉදිකරන ලද නව නිලධාරී නිවස්නය ඉදිරිපට මෙම ඔරලෝසුව දැකගත හැක.

ඔරලෝසුවේ වේලාව ගමන් කරනු ලබන්නේ විදුලිය උපයෝගී කරගෙන වන අතර විදුලිය විසන්ධි වූ අවස්ථාවක එහි වේලාව ගමන් කිරීම නැවතුනද නැවත විදුලිය සම්බන්ධ වූ සැනින් පරිගණක ආධාරයෙන් නිවරදි වෙලාවට ගමන් කෙරෙන බව මේ සම්බන්ධයෙන් එහි නිර්මාණකරුවන් පැවසීය.

වන්නි - රොමේෂ් මධුෂංක

ඡායාරූප පහලින්..

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 February 2015 12:02